මං ලියන්නේ අහවල් පිස්සුවට ද? | Why W3Lanka writer writing

සිංහල සංස්කෘතිය අනුව වසරක් ගෙවී වසරක් උදා වෙමින් තිබේ. මම අඩුවෙන් සිංහලයෙක් ද වැඩියෙන් ලෝකවාසී මනුෂ්‍යයකු ද වීමට උත්සාහ කරන පුද්ගලයෙකි. මමත් මගේ බිරිඳත් නැකැත්, ජ්‍යොතිෂය ආදිය පිළි ගන්නේ නැත. එහෙත්, අපේ දරුවන්ට ලැබිය යුතු සංස්කෘතික උරුමය මව්පියන්ගේ මති මතාන්තර නිසා වැළැක්විය යුතු නැතැයි සිතන නිසා අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නෙමු.


කොහොමත්, මම මෙවැනි අවස්ථාවලට කැමැත්තෙමි. ජීවිතය නිතර, නිතර අලුතින් පටන් ගන්නට අධිෂ්ඨාන කිරීම මානසිකව හොඳ දෙයකි. ඒ නිසා, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අලුතින් ජීවිතය පටන් ගන්නේ කෙසේදැයි මම සිතමි. මේ වෙනදා මෙන් උපහාසාත්මක ලිවිමක් යැයි වරදවා වටහා නො ගන්න


මම දැන් කොළඹ කව දේශපාලනය සමග කිසිදු සම්බන්ධයක් නැත. අප ජීවත් වන ගම්වල ඔය වමවල් නැත. පෙරටුගාමියෝ නම් සිටිති. ජන අරගල ව්‍යාපාරය හැදූ කාලයේ ඔවුන්ගෙන් අපට ද ආරාධනාවක් ලැබිණි. දැන් ඔවුන් ජන අරගල ව්‍යාපාරය අත්හැර දමා ඇති බවක් පෙනේ. ඔවුන් දැන් පක්ෂයක් නොවැ. අප දන්නා පරිදි වාම පෙරටුගාමීන් ය කියන්නේ අනෙක් අයට අපි පස්සෙන් වරෙව් ය කියා කියන අයියලා පිරිසකි. 


අප වැනි කාගේවත් පිටුපසින් ද නො යන, කාටවත් අපේ පස්සෙන් එන්නැයි ද නො කියන, කාගේවත් සාක්කුවේ ද නැති, අන් අයව අල්ලා සාක්කුවේ ද දා නො ගන්නා මිනිසුන්ට පිටුවහල වෙනුවට වෙනත් විකල්පයක් යෝජනා කරන්නට පෙරටුගාමී පක්ෂවලට බැරි ය. 


පසුගිය දිනෙක එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක සමුළුවකට මට ආරාධනාවක් ලැබිණි. පුරා වසර 10ක පමණ කාලයක් මම එම රාජ්‍ය නො වන සංවිධානයේ ප්‍රකාශනයකට ලිපි ලියුවෙමි. පරිවර්තන කළෙමි. ඔවුන් මට ඒ වෙනුවෙන් මාසිකව ගෙවූ ඔවුන්ට සුළු මුදලක් වූ දීමනාව සුළු වැටුපක් ලබන රැකියාවක් කරන පුද්ගලයකු වූ මගේ ජීවිතයට මහත් අත්වැලක් විය. මම එම මුදල දේශපාලන කටයුතුවලදී මෙන් ම, මෙම බ්ලොග් අඩවියේ කටයුතු සඳහා ද වැය කළෙමි. පසු කලෙක එහි නිලධාරියෙක් අරමුදල් අඩු නිසා එයින් ඉවත් විය හැකිදැයි මගෙන් ඇසී ය. මම කිසිත් නො අසා ඉවත් ව ගියෙමි.


රාජ්‍ය නො වන සංවිධානවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මට මෙම රාජ්‍ය නො වන සංවිධානය උපකාරී විය. එසේ වුවත්, පැරණි මතකය වෙනුවෙන් කිසියම් කෘතවේදී හැඟීමකින් යුක්තව මම එහි ගියෙමි. මට ඇරයුම්පතක් එවා තිබුණමුත් කිසිවකු එහිදී මා සමග සුහදව කතා කළේ නැත. මා විසින් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන ලද පොතක් විශාල වියදමක් දරා ප්‍රකාශයට පත් කර තිබුණු අතර, එහි අඩු තරමේ පරිවර්තක ලෙස මගේ නම හෝ යොදා නො තිබිණි. කිසිවකු පොතේ පිටපතක් හෝ මට නේ දුන් හ. 


එහි පැමිණ සිටි අතළොස්සක් දෙනා එම සංවිධානය සමග ඇත්තේ පරම උපයෝගිතාවාදී සම්බන්ධයක් බව මම දනිමි. මා හට එහිදී සුහද සිනාවක් පවා නො ලැබුණේ මා සමග ඔවුන්ගේ කිසිදු උපයෝගිතාවාදී සම්බන්ධයක් මේ වන විට නැති නිසා ය. පසුගිය කාලයේ එම සංවිධානය සමග සබඳකම් පැවැත්වූ ප්‍රගතිශීලීන් බොහෝ දෙනෙක් එහි නො වූ හ. අතිශය දේශපාලනික හරබර දෙසුමක් පවත්වා පිටතට පැමිණි මහැදුරෙක් දේශනයේ ගාස්තුව ලෙස ලැබෙන මුදල් ගණන් හිලව් පියවාගෙන කෑම සූදානම් වනතෙක් එකෙල මෙකෙල වද්දී මම වේලාසනින් ම එතැනින් පිට වී ආවේ ජන අරගල පිරිසක් නාට්‍ය ජවනිකාවක් පෙන්වන්නට සැරසෙද්දී ය. යම්, යම් සමාජ සම්බනධකම් ගොඩනැඟෙන ආකාරය තේරුම් ගැනීම අසීරු තරම් සංකීර්ණ ය. 


මා සිතන පරිදි මට මේ කොළඹ කවවලලින් හා වාම සමාජයෙන් පිටුවහල් ජීවිතයක් ගත කරන්නට සිදු වන්නට එක් හේතුවක් වන්නේ මේ ලිවිල්ලයි.  මම දැන් වසර තුනක සිට දිනපතා මෙම අඩවියෙහි ලියමි. ඒ ලිවීම දැන් මගේ ජීවිතයට පත්තියම් වෙලා ය. මෙම කාලය තුළදී මම එක් ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. ඒ වනාහි කාගේ හෝ න්‍යාය පත්‍රවලට අනුගත නො වීමයි. කුමන බලපෑම් තිබුණත්, කුමන අඩුපාඩු තිබුණත්, අප ලිව්වේ අප විශ්වාස කළ දේ පමණිත මේ ලිවිල්ලෙන්  මා ලත් වටිනා ම අත්දැකීම වන්නේ ප්‍රකාශනයේ නිදහස යනු සාපයක් බව වටහා ගැනීමයි.


මෙහි සටහන් තැබීමේදී අවංකව ම කිවහොත් මා බිය සුදු වෑන්කාරයන්ට පමණි. ඇත්තම කීවොත්, මම නම් සුදු වෑන්වලට හුජ්ජ යන තරම් බය ය. සුදු වෑන්වලින් ඇවිත් තර්ජනය කළොත් මම නම් මේ ලිවිල්ල දෙයියම්පා නවත්වා දමනවා ය. ඒ නිසා සුදු වෑන් එවන්නට කරදර නො වී, මෙය නැවැත්වය යුතු නම් සීරියස්ලි ඒ බව දන්වනවා නම්, සුදු වෑන්වලට පිච්චෙන ඉන්ධනවලින් පිටරටට ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගත හැකි ය. 


අනෙක් පැත්තෙන් පිටරට පදිංචියට යන්නට ද මට අදහසක් නැත. හේතුව, මා මේ රටට ඇති අසීමිත ආදරය නො ව, තනියෙන් යන්නට බැරිකම හා පවුල පිටින් යාමට ගුවන් ටිකට් ආදිය සඳහා සල්ලි නැතිකම ය.  එසේ ම, ඔය තිබෙන මාධ්‍ය සංවිධානවල සිටින ප්‍රභූවරු අප වැනි චූල මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බව අපි අත්දැකීමෙන් දනිමු. අධෝ මාර්ගයෙන් අසූචි උණු වී වැගිරුණත් පිහිටට ඕස්ට්‍රේලියාවල් නැති අප වැනි අසරණයන් මෙහි ම ජීවත් විය යුතු ය. අනෙක් පැත්තෙන්, පිටරටකට ගියත්, එක් දිනක් හෝ හිසට සෙවණක් දෙනු ඇතැයි විශ්වාස කළ හැකි දේශපාලන මිතුරෙකු ද (ක්ලෙමා හැර) මට නැත.


මේ අඩවියට පිං සිදු වන්නට දැන් කොළඹ වාමාංශික කවවල බොහෝ දෙනෙක් මා දුටු විට ව්‍යාජ ලෙස සිනා සී කුණපයක් අසලින් ඉවත් වන්නා සේ හැකි ඉක්මණින් ඉවත් වී යති. එහෙත්, ඔවුන් සිතන තරම් මගේ පැනට බ්‍රේක් නැත්තේ නැත. එහෙම එකක් තිබුණා නම්, මේ වන විට බොහෝ වාමාංශික ශාන්තුවරයින්ගේ වතගොත මෙහි ලියවෙලා ය. මල්ලී, “ඔය කාගෙත් වැඩ කිඩ - මගෙ ෆයිල් එකේ ඇත.“


ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින බොහෝ වීරයන්ගේ ඇත්ත පෙනෙන්නේ තමන්ට වඩා දුර්වල යයි ඔවුන් සිතන කෙනෙක් ඔවුන්ගේ රෙද්ද උස්සා නිරුවත පෙන්නූ විට ය. ඒ වෙලාවට ඔය වාමාංශිකයෝ, මානව හිතවාදියෝ, කවියෝ වැනි අය සුදු වෑන්කාරයන්ට වඩා බියකරු ය. සාමාන්‍ය ජනතාවට වඩා තුච්ඡ ය. නොම්මර එකේ කුහකයෝ ය. මේ වනාහි මාරයාගේ දත් තිස් දෙක මැද සිට උගත් පාඩම් ය. (කොමිෂන් නැත.)


ඉඳහිට හමු වන, කතා කරන පැරණි දේශපාලන සගයෝ දැන් මොනවද කරන්නේයි මගෙන් අසති. මා කියන්නේ නිකම් ඉන්නවා ය කියා ය. ඔවුන් නම්, විශාල දේශපාලන ව්‍යාපෘතිවල නියැලි සිටින බවක් පෙන්වති. මේ දිනවල නම් ඔවුන් ඉන්නේ සුදු වෑන්වලට ද බියේ ය. මෙසේ බ්ලොග් ලියනවා ය කිව්වොත්, ඔවුහු සයිබර් අවකාශයෙන් බිමට ඇවිත් මහ පොළවේ දේශපාලනය කරන ලෙස උපදෙස් දෙති. කුලී කුරක්කමක් කර, දුක සේ අප ජීවත් වන ගම්වල ද ඇත්තේ මහ පොළව බව මේ බුද්ධිමත්තු නො දනිති. 


නිකම් ඉන්නවා යයි කීවාට ඇත්තට ම මේ ලිවිල්ල මගේ ජීවිතයෙන් විශාල කාලයක් අරගනියි. ඔබ මා ලියූ ලිපි කියවා ඇති ප්‍රමාණය ගැන ද මට සතුටක් තිබේ. අප මෙම බ්ලොගය පටන් ගත්තේ 2009 ජුලියේ ය. බ්ලොගර් වෙබ් අඩවිය බ්ලොග්කරුවන්ට සංඛ්‍යා තොරතුරු දෙන්නට පටන් ගත්තේ 2009 දෙසැම්බරයේ සිටයි. එදා සිට බ්ලොගර්ගේ සංඛ්‍යා ලේඛන අනුව, අපේ පිටු මිලියනයකට වඩා කියැවී තිබේ.


Pageviews all time history - 1,155,463 


සමස්තයක් ලෙස මෙම අන්තර්ජාල මැදිහත්වීම තුළ ලක්ෂ 15ක් පමණ සිංහල හා ඉංග්‍රීසි පිටු පාඨකයන් විසින් කියවන්නට ඇතැයි අපි සිතමු. අප දැනට ඉංග්‍රීසි අංශය කෙරෙහි ද බරක් තබා ඇත. 


මේවා කියවා අවඥා සහගත කමෙන්ට් නිර්නාමිකව දමන්නට සිතා සිටින මිනිසුන්ට මම කියන්නට කැමති කාරණයක් නම් මේ වනාහි හුදකලා මිනිසකු ඔහු දන්නා ප්‍රමාණයෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ සටනක් බවයි. අප අසන්නේ මෙවැනි පුංචි ව්‍යායාමයන් නො තකා හරින්නට තරම් පෙන්විය හැකි මහා මැදිහත් වීම් තිබේ ද යන්න පමණි. 


මේ මගුල දිගට ම කරන්නේ අහවල් එකකටදැයි මට සිතුණු වාර අපමණ ය. එහෙත්, දැන් මේ ලිවීම ද එක්තරා ඇබ්බැහිකමක් වී තිබේ. එම ඇබ්බැහිය දුම් බීම සේ මගේ ජීවිතය කා දමනවා වන්නට ද පුළුවන. 


ආර්ථික දුෂ්කරතා උත්සන්න වෙමින් තිබේ. හොස්ටිං ගිනුමට මුදල් ගෙවීම දුෂ්කර නිසා අපි දැන් පූර්ණ වශයෙන් ම ගූගල් කොම්පැනියේ දාසයෝ වී සිටිමු. බ්ලොගර්ලාගේ බ්ලොග් ආණ්ඩුවේ ලියපදිංචි කිරීම කළ යුත්තේ බ්ලොගර් කොම්පැනිය ද, අප ද යන්න පැහැදිලි නැති නිසා අපි රෙජිස්ටර් ද නැත. ඉස්සර නම් අපි කීවේ රෙජිස්ටර් වීම ඇත්තේ ජනතා හදවත්වල ය කියා ය. ජනතාවට කවදාවත් ඔය අපභ්‍රංස තේරුණේ නැත. 


කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මහේක්ෂ දේශපාලන යෝජනාවක් පීපල්ස් මාච් බ්ලොග් අඩවියේ මීට මොහොතකට පෙර කියෙව්වෙමි. ඔබත් කැමති නම් කියවන්න. 


ඒ පිළිබඳ අදහස් දැක්වීමට මට උනන්දුවක් නැත. ඒවා අවශ්‍ය ය. එහෙත්, මා නම් අවධානය යොමු කරන්නේ වාමාංශික අවකාශය තුළ මිනිස්කම යළි පිහිටුවීමේ අවශ්‍යතාව කෙරෙහි ය. මගේ මැදිහත් වීම වාම දේශපාලනයේ ක්ෂුද්‍ර තලයේ එකකි. 


නිදසුනක් ලෙස මම එක් සිද්ධියක් සිහිපත් කරමි. දිනක් මම අන්තර්ජාල මාධ්‍ය පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමක් සඳහා අතින් බස් ගාස්තු දරාගෙන, දවසක කාලය ගෙවමින් කොළඹ එක් වාමාංශික කවයක ආරාධනය මත ඔවුන්ට වැඩමුළුවක් පැවැත්වූයෙමි. දිවා ආහාරය වේලාව ඉක්ම ගිය පසු එම වැඩසටහන අවසන් වූ අතර, එය සංවිධානය කළ සහෝදරවරු මට ස්තුති කර කෑමට ගිය හ. මෙය දුටු වෙනත් මිතුරෙක් සිය බත් පත මා සමග බෙදා ගත්තේ ය. 


මේවා සුළු සිද්ධි යයි කෙනෙකුට කියන්නට පුළුවන. මා කියන්නේ එය එසේ නො වන බවයි. අද වන විට වම තුළ නැති එක ම දෙය මනුස්සකමයි. එසේ ම, ලොකු ම ප්‍රශ්නය ද එයයි. 


මා සිතන පරිදි වම දැඩි ලෙස ම ගෝලීය ධනවාදයේ බලපෑමට ගොදුරු වී තිබේ. රජය, මන්ත්‍රී වැටුප්, දේශපාලන පත්වීම්, රාජ්‍ය නො වන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, වෘත්තීය සමිති සාමාජික මුදල්,  කැට සල්ලි ආදිය හරහා එන ආර්ථික ප්‍රාග්ධනය ද මාධ්‍ය හා සංවිධාන ආදිය හරහා ලැබෙන සමාජ ප්‍රාග්ධනය ද හේතුවෙන් වම අන්තයට ම දූෂණය වී තිබේ. මෙම ප්‍රාග්ධනය තුළ ක්‍රියාත්මක වන්නේ අන් කිසිවක් නොව, ගෝලීය ධනවාදයේ ප්‍රධාන කොටස් වන අමානුෂිකත්වය, දයා විරහිත බව, ආනාදරය (unlove), කාමය, කුටුම්භවාදය, ආත්මාර්ථකාමිත්වය ආදියයි. මේ හරහා වාමාංශිකයෝ ද කරන්නේ සමාජමය වශයෙන් හෝ දේශපාලන වහයෙන් හෝ පෞද්ගලිකව හෝ ලාභ ඉපැයීමයි.


සහෝදරවරුනි, මම ඉදිරියටත් ලියන්නට අදහස් කරන බව කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමි. මා ලියන්නේ මා තුළත්, ඔබ තුළත් ඇති  නිර්වාම ලක්ෂණ ගැන ය. වම හදන්නට අවශ්‍ය නම් අපි මුලින් ම මනුස්සකම සහිත සහෝදරයින් විය යුතු ය. මෙය ලියන මටත්, මෙය කියවා, නොකියවූවා සේ සිටින ඔබටත් යළි මිතුරන් වන්නට හැකි අවකාශයක් අපි හදා ගත යුතු ය. 


ඉස්සරහින් යන්නන් හෝ පස්සෙන් යන්නන් නො වී ගමන් සගයන් වෙමු. එන්න අපි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරමු. 
-අජිත් පැරකුම් ජයසිංහ

ඡායාරූපය බිරිඳ විසිනි

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබේ උත්සාහය අපතේ ගොස් නැත.ඔබෙන් බොහෝ දේ උගත්තෙමි.සුදු වෑන් පෙනෙන තෙක් මානයේ නැතිනම් දිගටම ලියන්න.ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  2. ඔබගෙන් සමාජය දෙශපාලනය වැනි බැරැරුම් මාතෘකා පිලිබද ඉගෙන ගතිමි ඔබට තුති තවත් ලියන්නට ශක්තිය ලැබෙවා

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා, maybe things will be better in the future. we can always hope and we should

    ReplyDelete
  4. ඔබගේ ලිපි කියැවීම මගේ ජීවිතයටත් පත්තියම් වෙලාය. ඔබට හෝ ඔබගේ දන්නා අයෙකුටවත්, දේශපාලන බ්ලොග් නිතර බලන කොමෙන්ටු දමන මටවත්, අන් කිසිවෙකුටත් සුදු වෑන් වලින් අතුරු අන්තරාවක් නොවේවා යයි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  5. ඔබ කරනා මේ මෙහෙවරට බොහොමත්ම පින්.

    ReplyDelete
  6. හැම එකටම පවත්නා ආණ්ඩුවට බණින ගතිය ඇරෙන්න වෙන වරදක් නෑ.

    කොහොම උනත් Follow what you believe in

    ReplyDelete
  7. ප්‍රකාශනයේ නිදහස යනු සාපයක්

    කිසිම දේක නිදහසක් ලංකාව තුල නැහැ

    ReplyDelete
  8. මුලින්ම ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි.මම ලියන මුල්ම කමෙන්ට් එක මේක.හැබැයි ඔබේ ලිපි සෑහෙන කාලයක සිට කියවමි.සමාජ සාධාරණත්වය උදෙසා ඔබ කරන මේ වෑයම අගය කරමි.ඔබගේ සමහර ලිපි සමග 100% එකඟ නොවුනත් ඇතැම් ලිපි සමග 100% එකඟ වෙමි.කොහොම වුවත් දිගටම ලියන්න ..සුභ පතුම්!

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවා!

    දිගටම ලියන්න පැරා. "එන්න අපි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරමු" යන ඔබගේ යෝජනාවට හදවතින්ම එකඟ නිසා

    ReplyDelete
  10. Oba weni ayawath noliya sitiyoth,Maravinla minissunge mune ulana Dhammi Sugath gon kathawalatama rata yawi.( Ada Divaina)
    Sudu van katha natakaye nishpadakawaruma ewa nataka bawa piligenimamama madida minisunnta me deval therum ganna.
    Suba newi, honda auruddak wewa.

    ReplyDelete
  11. I agree what you are talking. Yes, the main thing is "loving kindness". These ppl are greedy and selfish, but they think they are the followers of Marks, Lenin, Trotsky!!!!ha ha ha!

    ReplyDelete
  12. අපි ලියන්න නොදන්න කම නිසා, කම්මලිකම නිසා සහ භය නිසා ඔබ ලියනදේ කියවන්න බලාන ඉන්නෙ. මා වැනි කුහක සමාජය වෙනුවෙන් ලියන්න. ජීවිතයට සුභ පතුම්.
    (ලිවිල්ල ගැන සුභ පතන්න තරම් කුහක වෙන්න අමාරුයි)

    ReplyDelete
  13. නිරතුරු කියවමි! නව මානයක් දකිමි! අගය කරමි! ඇතැම්විට අදහස්ද දක්වමි!

    සුභ පතමි!!

    - Dimithri

    ReplyDelete
  14. සුභ පැතුම් . .

    ඔබ ලියන දේ ගැන අන් අය කෙසේ සිතනවාද යන්න නොව ඔබ කරනා අයුරින්ම සිදුවීම් ගැන ඔබට දැනෙන හැඟෙන අයුරු කෙසේද යන්නත් ඒවා කෙසේ වෙනස් විය යුතුද යන්නත් ඔබේ හෘද්‍ය සාක්ෂියට අනුව දැනෙන දේම ඉදිරියටත් ලියන්න . .

    ජය

    ReplyDelete
  15. මම කියවපු පලවෙනි සිOහල බ්ලොග් එක මේක ( 2009 දි ).
    කමෙන්ට්ස් නොදැම්මට මෙක මම හැමදාම වගේ කියවනව,වම ගැන මගේ වැඩි විශ්වාසයක් නම් නැ ඒත් නිදහසේ ජීවත් වෙන්න ( දැන් තියෙනවයි කියන මගුල් නිදහස නෙමෙයි )රටක් හදන්න නම් කැමතියි.
    සුභපැතුම් , දිගටම ලියන්න!

    -ඔයාගෙ ගමේ කොල්ලෙක්-

    ReplyDelete
  16. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .... හැමදාම උදේට කියවන්න ලිපියක් නොවරදවා ලියැවේවා.

    පෑනට බ්‍රේක් නැති ලියන්නෙක් කියන්නේ , ගොඩාක් ගැටළු වලට මුල පුරන්නෙක්. හැකියාව තිබුනට, තොරතුරු තිබුනු පළියට කිසිම පාර්ශ්වයකට අසාධාරණයක් නොවෙන විදිහට ලියන්න බැරි නම් ඒ ලිවීමෙන් පලක් නැහැ.

    ඔබගේ බොහෝමයක් ලිපිවල අවසන් තීරණය ගන්නේ ලියන ඔබ නෙමෙයි , කියවන්නා.ඒ නිසා නිවරදි තොරතුරු සැපයීම ලියන්නාගේ වගකීමක්.

    ඔබගේ පොතත් කියෙව්වා. නමුත් පුද්ගලිකව මම නම් ඒ පොතේ කතාවට කැමැති නැහැ. නමුත් කියෙව්වා.

    ඔබත් ඔබ පවුලේ සියළු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් පතනෙමි.

    ReplyDelete
  17. මාත් හඳහන්, නැකත්, පින් පව් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මාත් බෞධයෙක්, සිංහලයෙක්. දාන මාන, අලුත් අවුරුදු චාරිත්‍ර වල තියන සමාජමය වටිනාකම් නිසා ඒවා කරනවා. දාන දෙන්න "හාමුදුරුවරුන්" සොයා ගන්න බැරි නිසා මන් දැන් දාන නම් දෙන්නේ නැහැ. නමුත් කෙනෙක් අඬගැහුවොත් යන්නේ සතුටින්. දානෙන් පස්සේ අඩියක් දෙනවා නම් තවත් සතුටුයි.තනිවම බොන්න අද මට මුදල් තිබුනත් අර ගතිය ලැබෙන්නේ නැහැ. මාත් එන් ජි ඕ එකක වැඩ කළා. ඔය අත්දැකීම් තියනවා. මන් දේශපාලනය කරලා නැහැ. සමාජවාදය විශ්වාස කරන්නේ නැහැ. ධනවාදයට කව්රුත් බැන්නත්, හැම රටකම යහපත් මිනිසුන් සිටිනවා. නරක අයත් ඉන්නවා. බොහෝ අය රටකින් රටකට ගියත් පුල්ලි මාරු වෙන්නේ නැහැ. අවුරුදු ගානක් වෙන රටක ජිවත් උනත් වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ සුදු වෑන් තියෙන්න එක හේතුවක් ඒක. ඔබට විස්තර කරන්න අවශ්‍ය නැහැනේ! කොහොම උනත් ඔබට ජය. මගේ නම නොදාන්නේ මෙය දැන්වීමක් ලෙස පෙනෙන්න පුළුවන් නිසා.

    ReplyDelete
  18. ඔබේ දේශපාලනික මතවාදයන් සමඟ පූර්න එකඟත්වයක් නැතත් , නිතිපතා කියවන පාඨකයෙක් බව සඳහන් කල යුතුයි . ඔබගේ සාර්ථකත්වය සංඛ්‍යා ලේඛනවල මෙන්ම අදාල ලේඛනයන් නිසා රිදී ඇති පාර්ශව තුලින් විද්‍යමාන වේ . ඔබට ජය !

    ReplyDelete
  19. ලංකාවේ තොරතුරු දැනගන්න එක ප්‍රධාන මූලාශ්‍රයක් මේක. කමෙන්ට් නම් දාන්න වෙන්නේ නැති තරම්. තවත් විශ්ලේෂනාත්මක වුණානම් හොදයි මං හිතන්නේ. මම ෆීඩ්ස් දාගෙන තියෙන්නේ. ඒ හින්දා මොකුත් මග හැරෙන්නේ නැහැ.
    මං හිතන්නේ අධෛර්යට පත්වෙන එක සාධාරණයි. ඒත් ධෛර්ය වඩවා ගන්න හේතු ගොඩාක් තියෙනවා

    ReplyDelete
  20. oba kumar gunarathnam saha dimuthu atigala pahera genime siduweema pilibandawa wyangagayen adahas pala kirimak kara etha.ae pilibanda obe adahasa ho nigamana pahadili nethath ema siduweema hudu rangapamak lesa huwa dakweemata uthsaha kara ethi bawa pene. eya rangadekweemak nam oba sithana paridi 1.ema rangadekweema kale rjayeth(anduweth) sahaya(anugraya) athiwada? esenam ema siduweemen rajayata jathyantharawa ha jathikawa athiwu apakeerthiya ha apahasuthawaya pilibandawa awathakseru kirimata tharam meweni ranganayakin rajayata thibena wasiya penwadeemata karunika wanna!
    2.nathinam rajaye kisudu anugrayak ho sahyak nomethiwa sidu kala ranganayak lesa oba mema siduweema dakinne nam boru chodana magin rajayata erehiwa metharam apakeerthiyak sidukala pudgalayekuwa ohuta erehiwa kisindu kriyamargayakin thorawa shanikawa wideshayakata pitath kirimata hethuwa kumakda?
    3.mema pahera genima pilibandawa aththa withthikaru rajaya bawa pahasuwen therum gatha hekiwa thibiyadee ae pilibandawa kelin nopawasa wal wataram liweemen pahera genim walata wakra sahyak labadena bawa obata nowatahenneda?
    mae pilibandawa pahadili kirimak liweemata karunikawanna(please)(oba anayagen balaporoththuwan kuhaka noweeme gunaya apith obagen balaporoththu wemu.
    obatath pawule samatath suba aluth awuruddak wewa!

    ReplyDelete
  21. Keep it Up! Great work and beleive you are in the correct track (humanity issue 100% correct) I visit everyday even from abroad cos I truely think there is much to learn from your writing than those govt. Pachawahini's and Anduwe bath bala newspapers (including Divaina and Rawaya).

    ඔබටත්, ඔබව හොඳින් තේරුම් ගත් ඔබගේ දයාබර බිරිඳටත් හා දරුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  22. මං කලින් දවසක වෙනත් තැනක ලිව්වා වගේ බ්ලොග් එකක් කිරීම කොටි වල්ගයක් අල්ලා ගැනීමක්. හැබැයි මූ හොඳ කොටියෙක් හින්දා හොඳයි.

    අඹු දරුවන් ඇතුළු ඔබ සැමට ජයවේවා. කණකර බඩු බේරා ගත්තා යැයි සිතමි.

    ReplyDelete
  23. ඔබට සුබ අව්රුද්දක් වේවා, ඔබගේ ලිපි මමත් වසර කීපයක සිට කියවනවා, අපේ ඔලු සුද්ද කරන්න ඔබ කරන මේ වෑයම අගය කරමි.

    ReplyDelete
  24. මාක්ස්April 12, 2012 at 8:24 PM

    දරුවන්ට ලැබියයුතු "සංස්කෘතික උරුමය" ඔය දෙන්නගෙ මති මතාන්තර නිසා වලකුවන්න ඕන නෑ කියල කියන ඔයාට "සංස්කෘතික උරුමය" කියන්නෙත් නිර්මානය කල "මතිමතාන්තරයක්" බව අමතක උනාද? නැත්නම් අමතක කලාද? නැත්තං මතක තිබිලත් අමතකයි වගේ ඉන්නවද?

    ReplyDelete
  25. මාක්ස්April 12, 2012 at 8:25 PM

    දරුවන්ට ලැබියයුතු "සංස්කෘතික උරුමය" ඔය දෙන්නගෙ මති මතාන්තර නිසා වලකුවන්න ඕන නෑ කියල කියන ඔයාට "සංස්කෘතික උරුමය" කියන්නෙත් නිර්මානය කල "මතිමතාන්තරයක්" බව අමතක උනාද? නැත්නම් අමතක කලාද? නැත්තං මතක තිබිලත් අමතකයි වගේ ඉන්නවද?

    ReplyDelete
  26. Why do you confess about your self...Do not do it again.. feels so pathetic... You are a one lucky man, who has wife, always back your life.So do not care about freaking anonymous. Leftism is bone to humane parents..but it grows up with inhumane friends...

    ReplyDelete
  27. මගේ රස්සාවේ හැටියට එක තැනක ඉන්න බැහැ,
    වෙලාවකට යාපනයේ, තව වෙලාවක නුවර එළියේ අයෙමත් කුරුනෑගල, මන්නාරමේ, අනුරාධපුරයේ
    එත් ලංකාවේ කොහේ හිටියත් internet තියනවනම් මම මුලින්ම බලන blog එක තමයි මේක
    වැඩේ දිගටම කරගෙන යන්න අයියේ ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  28. ela kiri, mat umba kiana ewwa piliganne na godak ewwa.....namuth umbe post kiawanawa.... kiyawanna asai...... habai mam chande dunne mahindata... dan chandayak dunnat denen mahindata...... any way nice work.. keep it up....... bata bulathin sapiri suba aluth awuruddak wewwaa......

    ReplyDelete
  29. ඔබ මේ ලියවිල්ලෙන් බල පොරොත්තු උනේ මොකද්ද? ඔබ ලියන දෙයින් යමක් වෙන්නේ නෑ කියල කලකිරීමක් ඇති උනාද? තමන් ගැන ආත්ම අනුකම්පාවක් ඇති වී අපේ අනුකම්පාව ගන්න ලීවද? නැත්නම් අතටම සුදු වැන් තර්ජනයක් ආවද? නැති නම් නිකම් පාපොච්චාරණයක් කළාද? මට නම් ප්‍රශ්න ගොඩක් ඇති උනා...දිගටම ලියන බව කීව නිසා සතුටින් මේ කොමෙන්ට් එක දාන්නේ...ඔබේ අද ලියවිල්ලේ මට පෙනුන හොඳම කොටස තමා පහත වාක්‍ය කොටස...

    "මම අඩුවෙන් සිංහලයෙක් ද වැඩියෙන් ලෝකවාසී මනුෂ්‍යයකු ද වීමට උත්සාහ කරන පුද්ගලයෙකි. මමත් මගේ බිරිඳත් නැකැත්, ජ්‍යොතිෂය ආදිය පිළි ගන්නේ නැත. එහෙත්, අපේ දරුවන්ට ලැබිය යුතු සංස්කෘතික උරුමය මව්පියන්ගේ මති මතාන්තර නිසා වැළැක්විය යුතු නැතැයි සිතන නිසා අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නෙමු".

    ලෝකවාසී මනුෂ්‍යකුවීම (citizen of the world) ලේසි නැහැ...සෑම ලෝකවාසී මනුෂ්‍යයකුම සහෝදරයකු ලෙස දැකීම...සෑම මිනිසකුටම හිමි මිනිස් ගරුත්වය සහ අයිතිවාසිකම් සහතික කරන ලෝක මිනිස් ප්‍රජාවක් ගොඩනැගීමට කැපවීම පහසු වැඩක් නොවේ...

    ඒ සඳහා කැපවන ගමන් සිංහලයකු වීම...සිංහලයකු වෙන ගමන් ලාංකික ප්‍රජාවේ සමගිය වෙනුවෙන් කැපවීම...රාජ්‍ය බලයේ අසාදාරන ක්‍රියාවන්ට විරුද්ධ වෙන සිවිල් පුරවැසියකු වෙන ගමන්...ලංකාව නමැති රට වෙනුවෙන් කැපවීම...මේ සියල්ල සමතුලිත ලෙස සිදු කිරීම ලේසි නෑ...

    ලෝක වාසී මනුෂයකුට සිංහලයකු වීමත්...තම සිංහල දරුවන්ට හිමි සංස්කෘතික උරුමය ඔවුන්ට ලබා දෙන දෙමාපිය භූමිකාව ඉටු කිරීමත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ...ඒ ජාති ප්‍රේමය...ලෝක මනුෂ්‍ය ප්‍රජාවක් ගොඩ නැගීමේ මානව හිතවාදී ක්‍රියාමාර්ගවලට පටහැනිවන ඊනියා ජාතිවාදී දේශප්‍රේමය වෙතට ගෙනියන්නේ නැති තාක් කල් ඒ දෙක එකට යනවා...අඩුවෙන් සිංහලයෙක් වීම වෙනුවට හොඳ සිංහලයෙක් වීමත් අනිත් ඒ වගේ ජාතීන්ට ආදරය කිරීමත් තමා අපි දරුවන්ට පුරුදු කරන්න ඕන...එතකොට ලෝක මිනිස් ප්‍රජාවගේ සාමාජිකයන් බවට ඔවුන්ද පත්වෙනවා...

    මම හිතන්නේ ඔබ මේ ලියපු ටික අපේ කොමෙන්ට් දාන සහුර්දයන් විසින් කතා කල යුතු වැදගත් මාතෘකාවක් කියල

    ReplyDelete
  30. හිතවත් අජිත්,
    මම හෑමඩාම ඔබෙ ලිපි කියවමි. ලිවීමට ඔබට ඩිරිය පතමි.
    රන්ජිත් හේනායක ආරච්චි.

    ReplyDelete
  31. සුභ පතනවා!!!.. මාත් හැමදාම කියවන බ්ලොග් එකක් මේක. සමාජ, ආර්ථික, දේශපාලනික පැතිකඩ පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා මෙතැනින්. දිගටම කරන් යන්න.. ජය වේවා ..

    ReplyDelete
  32. ඔබට ඕස්ට්‍රලියාවේ / එංගලන්තයේ / ඇමරිකාවේ/ කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙකු වීමට අවශ්‍යද ?
    ඔබට එසේ අවශ්‍ය නම් පහත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න . ප්‍රතිඑල අත්දුටුවයි



    1) මුලින්ම ඔබ රැවුල වවා රතු කමිසයක් ඇඳ සමාජවාදය ගැන කතා කල යුතුය.
    2) ගම් වල බෝක්කු උඩ සිටින්නන් , කඩපිල්වල රස්තියාදු වෙන්නන් රැකියා නැති විශ්ව විද්‍යාල තරුණයන් හිමීට බාගත යුතුය
    3) බා ගැනීම සඳහා සමාජ අසාධාරණ , ධනවාදී රටවල ඇති සුරාකෑම, සමාජවාදී කියුබාවේ ප්‍රගතිය ගැන කිව යුතුය.
    4) මාක්ස්වාදය ගැන ලියවුනු සිංහල පොත් ටිකක් පරණ පොත් කඩයකින් හොයාගෙන ඒවා අතේ තබාගෙන තරුණයන්ට කතා කල යුතුය.
    5) විචාර බුද්ධිය අඩු එවුන් පමණක් ටාගට් කර ප්‍රශ්න අසන්නන් කඩාකප්පල්කාරීන් හෝ ධනපති පන්තියේ ඔත්තුකරුවන් කියා එළවා දැමිය යුතුය.
    6) පන්ති අරගලය සඳහා ආයුධ ගැනීමට සාමාජිකයන්ව පොළඹවා ගත යුතුය.
    7) මේ සඳහා මව්බිම නැත්නම් මරණය/ අධිරාජ්‍යවාදයට මරණය ජනතාවට විමුක්තිය / වැනි වැකි නිතර භාවිතා කල යුතුය
    8) තමන් සහබාගි නොවී සාමාජිකයන් ලවා හොරකම් මංකොල්ලකෑම් කොට සල්ලි ටිකක් එකතු කර ගත යුතුය.
    9) ඒ මුදල් වලින් පාතාලයෙන් ගිනි අවි ටිකක් මිලට ගෙන ඒවා පොලිතින් වල ඔතා වැළලිය යුතුය.
    10) සාමාජිකයන් පිරිස ක්‍රමයෙන් වැඩි වෙන විට වළදමා තිබු ආයුද කොල්ලන් අතට දී සන්නද්ධ අරගලය ඇරඹිය යුතුය.
    (සන්නද්ධ අරගලය අරඹන විට තමන් සුරක්ෂිත ස්ථානයක සිටීමට වග බලාගන්න)
    11) කොල්ලන් බල්ලන් මෙන් ආරක්ෂක අංශ වලින් මැරුම් කන විට එක්කෝ ඉන්දියාවට යන බෝට්ටුවකින් පලා යා යුතුය නැත්නම් හමුදාවේ හෝ පොලිසියේ උසස් නිලධාරියෙකුට ඉතිරි සගයන් පවා දී සිංගප්පුරුවට ගුවන් මගින් යාමට ගිවිසුමක් ගැසිය යුතුය.
    12) පිටරට පැනගත් වහාම ධනපති රටක ( ඕස්ට්‍රලියාවේ / එංගලන්තයේ / ඇමරිකාවේ/ කැනඩාවේ ) තානාපති කාර්යාලයකට ගොස් තම ජීවිතය අනතුරේ බව පවසා එසයිලම් ඉල්ලිය යුතුය.
    13) එසයිලම් ලැබීමෙන් පසු ධනපති රටේ පදිංචි වී මානව හිමිකම් එන් ජී ඕ එකකට හේත්තු වී සල්ලි ටිකක් හොයාගෙන අදාල රටෙන් ගෙයක් දොරක් වාහනයක් මිලට ගෙන හොඳ කසාදයකුත් බැඳගෙන සැපට ජිවත් විය හැක.
    14) ඉඳහිට අරගලය ගැන පොර ටෝක් දෙමින් ලංකාවේ මාධ්‍ය බයියන්වද කොර කළ යුතුය.
    15) අරගලයේදී මියගිය කොල්ලන් ගැන ඉඳ හිට කිඹුල් කඳුළු පාරක් හෙලීම මගින් අනාගතයටත් යමක් ආයෝජනය කළ හැක.

    (මේ ක්‍රමය තුලින් රට පැනීමට නොහැකි උනොත් අඩුම ගන්නේ විමල් විරවංශ සේ පවත්නා රජයකට හේත්තු වී ඇමතිකමක් ගෙන පරම්පරාව ගොඩදා ගත හැකිය)

    ReplyDelete
  33. එඩිතර මහත්තයෝ;

    හැමදාමත් ඔහේ ලියන එකේ කොනක් ඇදපු මනුස්සයෙක් හැටියට, ඔහෙගේම චින්තනය (100% - වම) පදනමින් දරන්නෙකු ලෙසට, මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

    ලිව්ව තරමට මේ පසු වේදිකාවේ [හෙවත් ස්ටුඩියෝ සිනමාහලේ] ඔහෙට ලැබුණු අප්පුඩි බොහොමයි. සිංහල බ්ලොග් කරුවන් අතර උපරිම ජනප්‍රිය කෙනෙක් ඔබ. ඒ වගේම ඔබ ලියන දේ හිස් නැහැ. කොටින්ම ඔබ ඒ අප්පුඩි බලාගෙනවත් නොවේ ලිව්වේ. ඔබ බ්ලොග් අවකාශයටත් බ්ලොග් අවකාශය ඔබටත් සැහෙන්න සාධාරණයක් කරනවා.

    හැබැයි ලොක්කා වෑන් කාරයා කෝල් කලොත් නවත්තන ඒකට මාත් එකඟයි. බ්ලොග් වගේද මිනිස්සු. අනික වර්තමාන දේශපාලනය කැරකිලා තියෙන තැනෙ හැටියට මීට අවුරුද්දකට පෙරත් රජය වෙනුවෙන් කතා කල, ඊට පස්සේ ඇදගෙන නාද්දී කට පියන් පැත්තකට උන අපිටවත් ඔබට නැති අමුත් ඉමියුනිටියක් නැහැ ලොක්කා. වෑන් එක කාටත් පොදුයි, එහි අරමුණ හැමදාම එකම නොවේ. ඒ නිසා ඔබ ඉන්න මතය හරි.

    වම්මු ගැන ප්බතුමා තරම් ඊ නොදන්නවා උනාට අපිත් ඉන්න මතය වැඩි වෙනසක් නැහැ. වම්මු වැඩියෙන චාටර් නැහැ. චාටර් ලෝකේ සාමාන්‍ය ගානටම තමා. සමූපකාරෙ සභාපති පිටි මුට්ට දෙකක් තමන්ගේ ගේ පිටිපස්සෙන් බාගන්න මජර කම වමේ අහවල් පක්සේත් නොඅඩුව තියෙනවා. උත්තර දේශපාලනයක් ගැන කරන කතිකාව මල විකාරයක්. පෙරට වඩා යහපත් කියන් වදනින් ඔය කට්ටියට කඩේ යන උන්ගේ පරමාදර්ශී සිහිනය යටපත් කරන තුරු පිච්චෙන පෙට්‍රල් අපරාදේ. [හුටා මට කීයක්‌ වචන වලින් බනීද දන්නේ නැහැ - ප්‍රතිසංස්කරණවාදියා ඉන් එකක්].

    ඒ නිසා බොහෝ දේට එකඟ වන අතරේ අපි දෙන්නගේ තින්කින් එකේ පැහැදිලි දෙපැත්තක් පෙනෙන එක ඉරාක වන වම හා "නොවම" ගැන කතා කලොත්; ඔබ ඔය කියන හෙට දවස හදන්න වමට බැහැ. වමේ ඉන්න හැම මිනිහෙක්ම නොවැලැක්විය හැකි මානව නිර්මාණ මිස හුදු විශේෂ අවස්ථා නොවේ. ස්ටාලින් කියන්නේ රුසියාවේ ලස්සන් හෙට කාපු අමුතු ඒකාධිපතියෙක් නොවේ. ගම් ගොවියන්ගෙන් උත්තර යුටෝපියාවක්‌ හදන්න කරන හැම තැනකම නිරායාසයෙන් බිහි වන මිනිහෙක්. ඒ නිසා ඔය වම අල්ලාගෙන ඔහේ ගියත් යන්න ඒ කල ම තමා.

    වම බදා නොගෙන ඔය ගමන යන්න. වම අතහරින්න එපා [ඔබතුමා දන්නවද මගේ කුඩා වාමාංශික දැනුම තුල මාත් එහි ඇතැම් අංග අගයන බව - හැබැයි ඔක්කොම නොවේ]. හෙට වෙනුවෙන් සැබෑ මෙහෙවරක් කරනවා නම් ඔබ අද අන්ධ භක්තිය සපුරා නතර කරන්න. හෙට ලෝකය හදන ශ්‍රේෂ්ඨ ක්‍රමය කුමක්ද කියා අපි දන්නේ නැහැ. එය ඇප විසින් තරමක් හෝ හදා තියෙන්න ඕනේ. හදන්න කලින් එක දැනගන්න ඔහේ සක්කරය ද?

    කෙසේ වෙතත් ඔය වම්මු කියන සෙට් එකෙන් මෙහෙමවත් දෙයක් කතා කල හැකි සාධාරණ මනුස්සයෙක් ඉන්න ඒකට මම සතුටු වෙනවා. ලංකාවේ වම කියන්නේ මතවාදී ඒකාධිපතියෙක්. මතවාදී වැඩවසම් රදලයෙක්. දේශපාලන ශ්‍රම සූරාකන්නෙක්. දේශපාලන ධනපතියෙක්.

    ඔබට හැකිතාක් දිගටම ලියන්න. සුබ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  34. පැරා, අවංකව පපුව ගලවල අපිට පෙන්නුව වගෙ කරපු අදහස් දැක්වීමක්...

    වෙනදෙයක් ඔහෙ වෙන්නෙ නැතෑ කියල උකටලීව බලා ඉන්න එක එච්චර දෙයක් නෙවෙයි.....ඒත් මොනව හරි තමන්ගෙ මට්ටමින් තමන්ට පුළුවන් විදිහට කරන්ට අඩු ගනනෙ උත්සාහ කරන ඔබ වගෙ අය ඇත්තටම සම්පතක්...

    වෙන කියන්න දෙයක් නෑ... හැකි පමණ ඔබට අනතුරක් නොවන අන්දමට මේ කාර්ය භාරය කරගෙන යන්න පැරා, කියල තමයි කියන්න තියෙන්නෙ....

    ReplyDelete
  35. මගේ ගැටලුව මේකයි අඩුවෙන් සිංහලයෙක් ද වැඩියෙන් ලෝකවාසී මනුෂ්‍යයකු ද වීමට උත්සාහ කරන ඔබ ඇයි මිනිස්කම යළි පිහිටුවී වාමාංශික අවකාශය තුළ කරන්න හදන්නේ? සරලව මේකයි මං අහන්නේ බිල් ගේට්ස් ට වඩා චේ හොඳ මිනිහෙක් කියන එකද ඔයා කියන්නේ? ධනපති බිල් ගේට්ස් හින්දා ඔයා අඩුතරමේ බ්ලොග් එකක්වත් ලියනව හිත හොඳ වමේ චේ හින්දා කී දාහක් වල පල්ලට යන්න ඇත්ද. මොනව උනත් හැමදාම උඹ ලියන ඒව කියවනව දිගටම ලියපන් මේ අවුරුද්දෙවත් පුලුවන්නම් ඔය බොරු වමේ අයිඩින්ටිය ගලවල දාපන්

    ReplyDelete
  36. අජිත් අයියා

    සුභ අලුත් අවුරුද්දක්
    හැමදාම හවසට වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා බ්ලොග් එක කියවනවා. ලියන හැමදේම එක්ක එකග නැති උනාට ලියන්න තියෙන අයිතිය පිලිගන්නවා. වැඩි ඈතක නොවේ අවුරුදු 10 -12 ඈතක පේරාදෙණියේ ඉගෙන ගන්න කලේ වම ගැන විශ්වාස කරා , කඩේ ගියා ඉගෙන ගන්න එක පස්සට දල ඒ වෙනුවෙන් කැප උනා.
    ජනතාව එක්ක විප්ලවය කරනවා මිසක් ජනතාව වෙනුවෙන් එක කරලා වැඩක් නැ. ලංකාවේ 71 සහ 89 උනේ එක.

    දැන් මම ජීවත්වෙන්නේ ඔස්ට්‍රලියාවේ . සමහර වෙලාවට යාලුවෝ විහිලු කරනවා. මම උන්ට කියන්නේ ඇවිල්ලා බලපල්ලා සමාජවාදය තියෙන්නේ මෙහෙ ...

    ReplyDelete
  37. දිගටම ලියන්න..!
    ඔබත් ඔබ පවුලේ සියළු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  38. නිරතුරු කියවමි!
    සුභ පතමි!!

    ReplyDelete
  39. පසුගිය කාලයේ නොයෙකුත් සාන්ද්‍රණ වලින් දේශපාලනය සයිබරය තුළින් ප්‍රචලිත කරන්නට විවිධ වේශයන්ගෙන් දැඟලූ බොහෝ අය මේ වන විට තමන් සොයමින් සිටි දෙය ලැබී හෝ නොලැබී හෙම්බත් වී වැඩේ අතහැර ඇත. සමහරු සයිබරයේ මහප්‍රාණ කතාකරමින් සිටියේ තම තමන්ගේ දෛවය විසඳා ගැනීමට බැව් පෙනේ. එනම් හොඳ බර එන්ජීයෝවක අවධානයට පත් වී ඒ හරහා කුමක් හෝ ලාභ ප්‍ර යෝජනයක් ලබා ගැනීමය. කන්ටැක්ට්ස් හදා ගැනීමටය. සම්බන්ධතා වර්ධනය කරගැනීමට ය.

    ඒ අය මෙලෝ සිහියක් නැතිව රටේ දේශපාලන සංසිද්ධි විවේචනය කරන්නට තැත් දැරූහ. විශේෂයෙන් රටේ ජනතා මනස අමු කාලකන්නි කැරකෝප්පුවක පවතින මූසල බවට හැරවූ සිංහල බෞද්ධ ජාතිවාදී සිතුම් පැතුම්වලට එරෙහිව කවි සිංදු කතා සාහිත්‍ය මෙන්ම දේශපාලන විචාර පත්‍රිකා ලියමින් මහා හාහෝවක් ගෑ මිනිසුන් අද පේනතෙක් මානෙක නැත.

    එක්කෝ උං දේශපාලන රැකවරණ පතා යුරෝපයට ගොස්ය. නැත්නම් සාර්ථක එන්ජීයෝවක ඉහළ වැටුපකට සේවයට ගොස්ය.

    උඹට තියෙන පිස්සුව නිසාවෙන් මේ වැඩේ අඛණ්ඩව කෙරෙන බැව් මම දනිමි. පිස්සු නැති හැම මානවවාදියෙක්ම දැං කුමන හෝ ආකාරයකින් ගොඩ ය. තම තමන්ගේ බිස්නස් කරගෙන එක්කො සැපසේ දුක් විඳිති. ඒ යුරෝපයේ තැං තැං වල අවතැන් වූවන් ය. නැත්නම් දුක සේ සැප විඳිති. ඒ එන්ජීයෝවකට සෙට් වී ගතමනාවක් සොයා ගන්නට පොට පෑදුනු අයවලුන්ය.

    උඹේ බැංකු ගිණුමක අංකයක් මෙහි සඳහන් කළොත් අපටත් හැකි වෙලාවක මනුස්සකම් බෙදා හදා ගත හැකි වනු ඇති. ලියන දේ කුමක් වුවත් අප අගය කරන්නේ උඹ දිගටම ලියමින් සිටීම ය. අත් නොහැරීම ගැනය. හෙම්බත් නොවීම ගැනය. ලාභාපේක්ෂාවකට අරමුණු පාවා නොදීම ගැනය.

    ජය වේවා!

    ReplyDelete
  40. Parakum Ayya,

    obe me satahana penwanne parajith saha aparajitha manasikaththawayaka dolanayai. Eya swakeeya shakthiyen saha uthsahayen aragala karana minisunge manse swabawayaki.

    Obage (=Birida) satana ithihasaya wisin jayagrahanaya karawanu atha.

    mamad lankawe wama pilibadawa University inna witath, dnuth adyanaya karami. manussakama adukamad wame pasubamata hethuwaki.

    oba, mata kala hakke "wamakama" sihitha pirisak wenuwen madihathweemaya!

    Boho ansha gana obegen danuwath weemi.
    Nonawathi Idiriyatama Yamu!
    Obata Bohoma pin!

    ReplyDelete
  41. මම නම් වමේ දේශපාලනයේ ගොඳුරක් උනේ නෑ කවදාවත්. ඒත් වෙනත් දේශපාලනයක් කරලා එතන පාතාලේ උන් බලිටි ගහන නිසා එතනින් ඉවතුනා. ඒත් ක්‍රියාකාරී දේශපාලනයේ නෙමෙයි. ඒ ඇරුනම මමත් උඹ වගේ පොරක්. සුදු වෑන් එවන්න තරම් කේස් උඹ ලියන්නේ නෑනේ. ලියන්නත් එපා. මොන රෙද්දටද වැඩි මනක් ඒවුන්ට හොඳනම් අපිට අහවල් එකද. මචෝ පිච්චු නම් කෙලින්න එපා. දිගටම ලියපන්. මේ කාලකන්නි සමාජ ක්‍රමය ගැන, කකුල් දෙකෙන් යන මොළයක් තියෙනවයි කියන තිරිසනුන් ගැන දිගටම ලියපන්. ජය වේවා...(අපි වවමු රට නගමු එකට සෑහෙන සහයක් දෙනවා වගේ.. අර හාමිනේ ගත්ත පොටෝ එකේ පසුබිමෙන් කිව්වේ.)

    ReplyDelete
  42. vadhe naraka na.!

    ReplyDelete
  43. ලංකාවකියන රටේ මධ්‍යවේදීන් නැති බැවින් ඉන්නෙ පුටු රත්කරමින් ආයතනප+ධානින් කියනදේ හොල්සේල් ලිවිම සදහා තොරා ගත් කොන්තරත් කරැවන් පිරිසකි. ඔවුන් කතුවරැන් ළෙස ලංකාවේ සමාජගත කර ඇත. එබැවින් මෙවන් කාලකන්නි වටපිටාවක ඔබගේ කාර්්‍ය වඩාත් සංවේදි යැයි මටෙසිකේ. ඔබට ජය“

    ReplyDelete
  44. පලමුව ඔබට නව වසරට සුභ පතන අතර..කාටවත් කඞේ නොයැම පිලි බදව ස්තුති වනවා.මට හිතේන හැටියට ඉස්සර සමාඡවාදය කාල් මාක්ස්...ලේනින්...ඒක්කම වැලලිලා...අලුතින් හිතන අලුත් සමාඡයන් අපේ ඉස්සර හිටපු රඡවරැන් වාගේම ප්‍රාග් යුගයට ඒකතුවෙලා.‍මොනවා කරන්නද සහෝ....කාලය මුදල්සමග අලුත් සමාඡ පන්තියේ ලේ උනුසුම අඞුවෙලා...දැං සමාඡ විපුලව කරන විප්ලව වාදින් නැ...මන්ත්‍රි වැටුප නවත්තපියවු....මන්ත්‍රි පේන්ෂන් නවත්තපියවු....මන්ත්‍රි දිමනා නවත්තපියවු...රාඡ්ඡ්‍ය සේවකයින් ඡනතාවට වගකියපියවු...කියලා පුලුල් දේශපාලනික පිපිදිමක් රටේ ඇතිඋන දවසට...ඇත්තටම සමාඡවිප්ලවයක් ඇතිවෙවි.(හැබැයි සුදුවැන් වලින් බෙරැනොත් විතරයි)

    ReplyDelete
  45. මාතර නන්දෙApril 14, 2012 at 1:45 AM

    ඔයාගෙ ලිපි බොහොම ඈත කාලෙක ඉදන් මම කියවන්නෙ.ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න අරගෙන වසරකට වඩා නැහ.රාවය පත්තරෙන් තමයි මුලින්ම කියෙව්වෙ.ජ.වි.පෙ ගැන ලියපු ලිපි වඩාත්ම වැදගත්.ජ.වි.පෙ ගැන තිබුන ඔබේ විවේචන ඉතාම නිවැරදි වගේම ඒවා මටත් සමීප අත්දැකීම්.ඒ වගේම දැන් ඔයාගෙ දරැවන්ට දෙන්න හදන සංස්කෘතික උරැමය ගැන කියන කතාවට නම් එකග වෙන්න අපහසුයි.ඔය උරැමය වැඩවසම් එකක්.ඕක තමයි හැම‍ දෙමව්පියෙක්ම දරැවන්ට දෙන්නෙ. ඔය උරැමය ඉහලට ඔසවා තබාගැනීමේ ප්‍රථිපලයේම අතුරැපලයක් විදියට තමයි අද තියෙන ජාතිවාදය ඇතිවන්නේත් උරැමය රැක ගැනීම සදහා දේශප්‍රේමින් බිහිවෙන්නෙත්.මනුෂ්‍යත්වය ඇතුලේ ආදරය මොකක්ද කියන කාරනාව දරැවන්ට කියල දෙන විදියක් ගැන ප්‍රැක්ටිස් කිරීම ඔය සියල්ලටම වඩා හොද දෙයක්.

    ReplyDelete
  46. I use your blog as an alternative view to SL situation. Living outside SL writings like yours are our only hope of maintaining a connection to motherland in a meaningful way. Please don't forget that for every person making a comment on the blogs, there are 1000 who doesn't bother commenting, yet enjoys the writings.

    Wish you can manage your time, effort and finances to keep on writing.

    ReplyDelete
  47. කමෙන්ට්ස් දැම්මෙ නැති වුණාට මාත් බිරිදත් ඔබගේ බ්ලොග් අඩවියේ නිතරම සැරිසරනවා. මාත් ලංකාවේ පත්තර කන්තෝරුවලයි, විශ්වවිද්යා්ලවලයි, පොත් දොරටවැඩුම්, ප්රකාශන ආයතනවලයි රවුම් ගහල කළ කී දේ ගැන කලකිරීමකුත් එක්ක දැන් කැමැත්තෙන්ම රටෙන් බැහැරව වැඩි සද්දයක් නැතුව ඉන්න නිසා ඔබට මෙවැනි ලිපියක් ලිවීමට සිතුණේ ඇයි දැයි යන්න මට වැ‍ටහෙනවා. මාත් අසනීප වි නිවසේ සිටි සමයේ බ්ලොග් අඩවියක් පටන් ගත්තත්, ආපසු රැකියාවට යෑමට පටන් ගත් පසු ලිවිල්ල නතර වුණා. කොහොම වුණත් වෙලාව තියනව නම් දිගටම ලියන එක තමන්ට හොදයි. අපි හිතට එකගව ලියන දේවල්වලට සමහරක් අය දාන කමෙන්ට්ස් ගැන නම් කරදර වෙන්න එපා. අර විමල් වීරවංශගෙ වෙබ් අඩවියේ පළ කරල තියෙන කමෙන්ට්ස් දැක්කම මට බඩ කපාගෙන මැරෙන්න හිතෙනවා.

    ReplyDelete
  48. keep it up.best of luck aiya.

    ReplyDelete
  49. ඔබගේ මෙම බ්ලොග් අඩවිය ගැන දිනපතා කියවන පාටකයෙක් ලෙස යමක් සදහන් කිරීමට කැමතියි.
    අන්තර්ජාලයේ නොයෙකුත් ප්‍රවුත්ති වෙබ් අඩවි ඇත. ඒ අතරින් බහුතරයක් ලියන්නේ තම වෙබ් අඩවිය ජනප්‍රිය කරගැනීම හා ගූගල් එකෙන් කීයක්හරි හොයා ගැනීමටය. එසේ නොමැතිව ප්‍රවුර්තියක් දීමේ චේතනාවෙන් ලියන වෙබ් අඩවිද සුළුතරයක් ඇත. එත් ඒ කිසිවක සාමාන්‍ය පුරවැසියාට දැනෙන විදිහ ගැන සදහනක් නැත. සිංහල භාෂාව මහා ලොකුවට කියා ගන්නා මාද්‍ය සදාචාරය සුරැකෙන විදිහට පාවිච්චි කර ලියු ලිපියක් මටනම් හිතට දැනෙන්නේ නැත. මා මෙම ලේකකයාගේ භාෂා විලාශයට ආශා කරමි. මම මෙම වෙබ් අඩවියේ මුලින්ම කියවුයේ "කැති මිටි උදලු මිටි.." කවිය සහිත ලිපියය. කවදාවත් නොතිබුණු සදාචාරය ගැන කියාගන්න අය මෙම විලාසයට ප්‍රසිද්දියේ විරුද්ද වනු ඇති. එත් එදා මෙදා තුර මා කියවූ ලිපි වලින් මතකයේ ඇත්තේ මෙමෙ වෙබ් අඩවියේ ලියු ලිපි පමණි.

    ඇත්තෙන්ම මා කොම්මෙන්ට් ලියන්නේ මෙම වෙබ් අඩවියේ පමණි. හේතුව ලේකකයා කොම්මෙන්ට් කියවන්නේ මා දන්නා තරමින් මෙම අඩවියේ පමණි. මා එය තේරුම් ගත්තේ ඔබ ලියන සමහර ලිපි වලිනි.

    ඇත්තෙන්ම නිකම්ම නිකම්ම පාටකයා සහ "සහුර්දයා" අතර වෙනස මා මෙම ලිපි වලින් වටහ ගත්තෙමි. මම සෑහෙන්න කාලයක සිට මෙම ලේකකයා දකින්නට ආස කලෙමි. මට වෙන කිසිදු ලේකකයෙක් ගැන එසේ සිති නැත. මා මෙහි ඇති බිරිද විසින් ගන්නා ලද පොටෝ එක දැක සතුටක් සහ මා ගැන ආඩම්බරයක් දැනුනි. එනම් මෙම ලේකකයා ගැන මගේ සිතෙහි තිබු චිත්ත රුපය ඒ ආකාරයෙන්ම ඇති බැවිනි.

    ලියන්න. දිගටම ලියන්න. මඩ අවශ්‍ය නැත. යථාර්තය ගැන ලියන්න. මඩ ගැසීමට ඕන තරම් වෙබ් අඩවි ඇත. එත් අපට අවශ්‍ය අපිට හිතෙන දේ ඒ විදිහටම තියෙන වෙබ් අඩවියකි. හිතට හිතෙන දේ ඒ කුණුහරුප වලින්ම ලියන්න. සදාචාරය අවශ්‍ය තැනදී විතරක් රකින්න. ඒක රකින්න ගිහින් ගුරුවරයා සහ පන්තියේ ලමයි අතර ඇති වෙනස ඇති නොකරන්න. අපට දැනෙන්නේ ලේකකයා සහ අපි හැමෝම ඒක පන්තියේ ළමෝ ලෙසය. ඒක රකින්න. අපි හැමෝම ඒක පන්තියේ ළමෝ වෙති.

    බුදු දහමේ ඇති "පව් කිරීමට ඇති බිය, ලැජ්ජාව" මෙන්ම "සුදු වැන් වලට ඇති බිය, ලැජ්ජාව" ඔබට දීර්ගායුෂ ලැබීමට හේතු වනු ඇත. ඔබට ජය.!!

    ReplyDelete
  50. I like this comment , This is true

    පසුගිය කාලයේ නොයෙකුත් සාන්ද්‍රණ වලින් දේශපාලනය සයිබරය තුළින් ප්‍රචලිත කරන්නට විවිධ වේශයන්ගෙන් දැඟලූ බොහෝ අය මේ වන විට තමන් සොයමින් සිටි දෙය ලැබී හෝ නොලැබී හෙම්බත් වී වැඩේ අතහැර ඇත. සමහරු සයිබරයේ මහප්‍රාණ කතාකරමින් සිටියේ තම තමන්ගේ දෛවය විසඳා ගැනීමට බැව් පෙනේ. එනම් හොඳ බර එන්ජීයෝවක අවධානයට පත් වී ඒ හරහා කුමක් හෝ ලාභ ප්‍ර යෝජනයක් ලබා ගැනීමය. කන්ටැක්ට්ස් හදා ගැනීමටය. සම්බන්ධතා වර්ධනය කරගැනීමට ය.

    ඒ අය මෙලෝ සිහියක් නැතිව රටේ දේශපාලන සංසිද්ධි විවේචනය කරන්නට තැත් දැරූහ. විශේෂයෙන් රටේ ජනතා මනස අමු කාලකන්නි කැරකෝප්පුවක පවතින මූසල බවට හැරවූ සිංහල බෞද්ධ ජාතිවාදී සිතුම් පැතුම්වලට එරෙහිව කවි සිංදු කතා සාහිත්‍ය මෙන්ම දේශපාලන විචාර පත්‍රිකා ලියමින් මහා හාහෝවක් ගෑ මිනිසුන් අද පේනතෙක් මානෙක නැත.

    එක්කෝ උං දේශපාලන රැකවරණ පතා යුරෝපයට ගොස්ය. නැත්නම් සාර්ථක එන්ජීයෝවක ඉහළ වැටුපකට සේවයට ගොස්ය.

    මෙය ඇත්තටම සත්‍ය දෙයකි. මේ ගැන හොඳ කෙටි කතාවක් ලංකා වෙබ් එකේ තිබුනා එය කියවන්න

    අබුද්දස්සකාලේ මාධ්‍යවේදියෙක්
    Posted on June 23rd, 2011 Lanka Web

    ReplyDelete
  51. why W3Lanka write writing?
    1)i think; bcz it's pain to have common sense. common sense it's not a gift, it's a punishment. u have to deal with all others who doesn't have it.

    2)here the common sense is-capitalism,communism,etc what ever boils down to address two features of human behaviour-sex & ego.

    ReplyDelete
  52. I read your articals for a long time, and had a pleasent fealing about you. (1st one I read was "Janadhipathithumani, Anandayen Maradanata" which attracted to me to your blog daily". I realy admired your veiws so much that there was a nice picture drawn in my mind about the author. He was a person in his late thirties, tall handsome fair, with a nice chamring smile. Now you have publised your picture and all my imaginery picture (the dream) is collapsed. Your outlook is totaly different to your veiws. I never expected such a dumb face would possess this much of rich ideas. I am still trying to establish my picture is correct, and the one which is publised is bogus.Pls do not publish your actual picture again. Any way I wish you have some luck to find some money for your day today living. ( while continuing this blog)

    ReplyDelete
  53. Dear Mr Ajith

    You keep writing I keep reading. I honer to your moderation and authenticity. Your service kind of inspiration to unbound youth. Happy new year sir!

    ReplyDelete
  54. සුභ පැතුම්..අපත් ඹබත් ඉන්නේ එකම මානයක බව පැහැදිලිය.

    ReplyDelete
  55. read this

    වම්මු ගැන කථිකාවක්
    | අමිල ගුණරත්න

    සමාජ අසාධාරණ වලදී මෙම ලියුම්කරු වම්මු සමග එකට වැඩ කොට අත්දැකීම් ඇත්තෙකි. මෙම ලියුම්කරු දුටු අනගිතම වාමාංශිකයා සරත් මුත්තෙට්ටුවේගම ය. අහේතුවකට මෙන් මුණගැසුණු අනෙකුත් බොහෝ වම්මු අඩු වැඩි කුහක බැවින් යුක්තය. සමාජ සාධාරණත්වය ගැන කතා කරන වම්මු බොහෝ දෙනෙකු තම ගෙවල් වල බිරින්දන්ට තග දමාගෙන සිටින දේපල වලට ඥාතීන් සමග මරා ගන්නා නරුමයන්ය. සමාජ ගැටළු , සමාජ අසාධාරණ ගැන කතා කලද වම්මුන් බොහෝ දෙනෙකුගේ ටාගට් එක එන් ජී ඕ එකකට සෙට් වී ගානක් හොයා ගැනීම හෝ කුමන හෝ ධනපති රටකට පැනීමය. ඒ සඳහා මාරයා සමග හෝ සම්මුතියෙන් වැඩ කිරීමට ඔවුන් සුදානම්ය.


    අජිත් පැරකුම් ජයසිංහගේ ලිපියක ලංකාවේ වම්මු ගැන හොඳ විශ්ලේෂණයක් තිබුණි. ඔහු මෙසේ සඳහන් කරයි.

    "අද වන විට වම තුළ නැති එක ම දෙය මනුස්සකමයි. එසේ ම, ලොකු ම ප්‍රශ්නය ද එයයි. ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින බොහෝ වීරයන්ගේ ඇත්ත පෙනෙන්නේ තමන්ට වඩා දුර්වල යයි ඔවුන් සිතන කෙනෙක් ඔවුන්ගේ රෙද්ද උස්සා නිරුවත පෙන්නූ විට ය. ඒ වෙලාවට ඔය වාමාංශිකයෝ, මානව හිතවාදියෝ, කවියෝ වැනි අය සුදු වෑන්කාරයන්ට වඩා බියකරු ය. සාමාන්‍ය ජනතාවට වඩා තුච්ඡ ය. නොම්මර එකේ කුහකයෝ ය. මේ වනාහි මාරයාගේ දත් තිස් දෙක මැද සිට උගත් පාඩම් ය. (කොමිෂන් නැත.) මා සිතන පරිදි වම දැඩි ලෙස ම ගෝලීය ධනවාදයේ බලපෑමට ගොදුරු වී තිබේ. රජය, මන්ත්‍රී වැටුප්, දේශපාලන පත්වීම්, රාජ්‍ය නො වන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, වෘත්තීය සමිති සාමාජික මුදල්, කැට සල්ලි ආදිය හරහා එන ආර්ථික ප්‍රාග්ධනය ද මාධ්‍ය හා සංවිධාන ආදිය හරහා ලැබෙන සමාජ ප්‍රාග්ධනය ද හේතුවෙන් වම අන්තයට ම දූෂණය වී තිබේ. මෙම ප්‍රාග්ධනය තුළ ක්‍රියාත්මක වන්නේ අන් කිසිවක් නොව, ගෝලීය ධනවාදයේ ප්‍රධාන කොටස් වන අමානුෂිකත්වය, දයා විරහිත බව, ආනාදරය (unlove), කාමය, කුටුම්භවාදය, ආත්මාර්ථකාමිත්වය ආදියයි. මේ හරහා වාමාංශිකයෝ ද කරන්නේ සමාජමය වශයෙන් හෝ දේශපාලන වහයෙන් හෝ පෞද්ගලිකව හෝ ලාභ ඉපැයීමයි."

    ලංකාවේ වම තුල මතවාදී ඒකාධිපතිත්වයක් මතවාදී වැඩවසම් බවක් තිබේ. වම තුල මනුස්සකම , මානව දයාව නැත. සමාජයේ පහල ස්ථර වල ජිවත්වන දේශපාලන වශයෙන් තරමක් දැනුවත් නිර්ධනයන් ගේ ශ්‍රමය දේශපාලන වශයෙන් සුරාකෑම බොහෝ විට මෙම වාමාංශික මතවාදී ඒකාධිපතිත්වය විසින් සිදු කරනු ලබයි. මහලොකු වාමාංශික චින්තනයක් නොතිබුණද හිටපු අමාත්‍ය තොන්ඩමන් (අරුමුගම් තොන්ඩමන් නොවේ ඔහුගේ සියා ය ) තමන්ගේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ස්වල්පයකින් හෝ නග්වාලිමට කල ප්‍රයෝගික ක්‍රියා වලින් 1 % වත් අපගේ වාමාංශික ක්‍රියාධරයන් තමන්ගේ කම්කරුවන් උදෙසා සිදු කොට නැත. මේ නිසා අද මතවාදී වම වෙනුවට ජනතාව තොර ගන්නේ මර්වින් සිල්වා , නිශාන්ත මුතුහෙට්ටිගම, දුමින්ද සිල්වා වැනි මැරයන් ය. ඒ මක්නිසාද යත් ලංකාවේ වම විසින් මිනිසුන්ට විකල්ප ඉතිරි කොට නැති නිසාය.

    ReplyDelete
  56. දුෂාන්April 18, 2012 at 2:03 PM

    දිනපතාම ඔබේ බ්ලොග් අඩවියට ගොඩවන්නෙමි. අලුත්ම ලිපියක් නොමැති වුවහොත් දුක සිතෙන තරමටම ඔබේ ලිවීම හදවතට සමීප වෙලා. තව තවත් ලියන්න . ජයවේවා ......

    ReplyDelete
  57. It's nice to read your article. Today is the first day I read your article. I read each and every online news paper in Sri Lanka everyday. I love your thinking patern and lifestyle. I like to mention something, you said that you followed Sinhala New year "Nakath Charithra" just because of your kids but you and your wife don't want to follow, and you want to be a international person rather than sinhalese. There is no such person called international, everyone is national. I live in Canada, I thought when I come to Canada I will become a international, Canada is a blend of entire world and this constitution aloow you to follow your own nationality unlike USA. So this is the truth. Sri Lankan is a Sri Lankan, Indian is a Indian, British is a Britisher, Somalian is a somalian, Canadian is a Canadian, all of them like to follow their own customs such as Avurudu Charithra for Sri Lankans. So we don't have to think Sinhala Awurudu Charithra and other astrological customs just hindu things or Anti Buddhist things or If we follow we cannot be an International man. We have to love and follow our Sinhala ot Tamil customs, then every nationals will respect you if not you are just like a tree without roots. Here every national talk about their own traditions, their values and history, so they are appreciated by others and American and Canadian sad about themselves because their history is so short compare to others. My daughter became a big girl last April, we did all the customs and Nakath, made Kawum, Kokis, Athirasa, Kiribath, Katta Sambal and shared with our friends, Evrybody still appeciates and respect us. We have to protect our traditions for another thousands of years, even you ignore your customs you will not be a International man you will become an isolator.

    ReplyDelete
  58. this is called addiction or obsessive compulsive disorder

    ReplyDelete
  59. දැනුම, භාෂාව සහ ශෛලිය ඉතාම උසස් තත්වයේ තියෙන බ්ලොග් අඩවියක්. ඔබේ කාලය අනුන්ට දැනුම බෙදාදීමට යෙදවීම ගැන ස්තුතියි!

    ReplyDelete
  60. ලංකාවේ බහුතරය වන මෙලෝ රහක් නැති බොරු දේශප්‍රේමී මැටටාර්ලා හරි මගට ගැනීමට ඔබ කොතරම් උත්සාහ කලද එය නොහැකි වන්නේ උන් බුද්ධිමය සංවාදයකට සුදුසු තත්වයක නොමැති බැවිනි.
    අවසානයේ ඔබගේ කාර්යභාරයට සුළු හෝ ගරු කිරීමක් ලැබෙන්නේ
    අපවැනි ආණ්ඩුවිරෝධී වචනයක් හෝ සොයායන අයගෙන් සහ
    Google Adsense වෙතින් පමණි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා